aircraft

Latest

Tuesday, April 17, 2018

ලෝකයේ ලොකුම ගුවන් යානය මත්තලට!


ලෝකයේ ලොකුම ගුවන් යානය වන Antonov AN-225 Mriya භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය මත්තල ගුවන් තොටුපළට ගොඩබස්වා තිබෙනවා. මැලේසියාවේ ක්වාලා ලාම්පුර් ගුවන් තොටුපළින් ගුවන් ගත වුනු ගුවන් යානය මත්තල ගුවන් තොටුපළට ගොඩ බස්සවා ඇත්තේ ඉන්ධන ලබා ගැනීම සදහා බවයි වාර්තා වන්නේ.

මෙම ගුවන් යානය මීටර් 84 ක දිගකින් (length) යුක්ත වන අතර පියාපත් අතර පරතරය (wing span) මීටර් 88 කි. ඝන මීටර් 1,300 ක පරිමාවක ගුවන් බදු ගෙන යා හැකි අතර ගුවන් යානයට බලය සැපයෙන්නේ Progress D-18T වර්ගයේ Turbofan එන්ජින් හයකිනි. AN-225 ගුවන් යානය එයට ගෙන යා හැකි උපරිම බර (Max Takeoff Weight) රැගෙන යන විට එය කිලෝ ග්‍රෑම් 640,000 ක බරකින් යුක්ත වෙයි. ගුවන් යානයේ උපරිම ඉන්ධන ධාරිතාවය වන්නේ  කිලෝ ග්‍රෑම් 300,000 කි.

මෙම ගුවන් යානය පිළිබද තවත් වැදගත් තොරතුරක් වන්නේ, ලෝකයටම ඇත්තේ එක් Antonov AN-225 Mriya ගුවන් යානයක් පමණි.












ඡායාරූප අනුග්‍රහය: Shehan Madawa & Parakrma Basnayake

No comments:

Post a Comment

Adbox